Wednesday, 8 February 2023

ආදර හැඟුම්... ආදර හැඟුම්

 

ආදර හැඟුම්... ආදර හැඟුම්

නුපුරුදුයි මට, නුපුරුදුයි ඒ හැඟුම්

ආදර හැඟුම්... ආදර හැඟුම්

කිතිකවයි හද, කිතිකවයි ඒ හැඟුම්

ආදර හැඟුම්... ආදර හැඟුම්

ආදර හැඟුම්...

 

සැඳෑ අඳුරේ සැලෙන තරු එළි

මගේ හද තුළ කරයි විමසිලි.. //

 

නැගෙන ගනඳුර වඩයි සිතුවිලි

මේ මගුල් රෑ බිඳෙයි... ඉවසිලි

 

ආදර හැඟුම්... ආදර හැඟුම්

ආදර හැඟුම්...

 

කිමද ඔබ මල් කුමරියන්නේ

පෙති විදා සතුටින් නොඉන්නේ

රහස නැතුවද මං නොදන්නේ

තුරුලේ බමරුන් නොවෙද ඉන්නේ

 

ආදර හැඟුම්... ආදර හැඟුම්

ආදර හැඟුම්...

ආදර හැඟුම්...

ආදර හැඟුම්...

 

ගායනය - පණ්ඩිත් අමරදේව

ගී පද - දයානන්ද ගුණවර්ධන

සංගීතය - සෝමපාල ඇල්විටිගල

Aadara Hangum song lyrics, W. A. Amaradewa, Dayananda Gunawardhane, Somapala Alvitigala

0 Comments:

Post a Comment