Wednesday, 8 February 2023

අපාර වූ ආකාසේ - වළා සිඳුණු බොල් එළියේ

 

අපාර වූ ආකාසේ - වළා සිඳුණු බොල් එළියේ //

ඔබේ දෑස දිළී නිවී දිළී

ඔබේ දෑස දිළී නිවී දිළී

නිසොල්මනේ බලා හිඳී

 

ඇසට කඳුළු දිය ලැබුනේ හදට තෙතක් ලබා දෙන්න

ඇසෙහි කඳුළු ඉවර දිනේ හදට නොමැත ඒ තෙතමන

 

අගාධ වූ සාගරයේ පිරී පැතිරි නිල් දියඹේ //

ඔබේ දෑස දිළී නිවී දිළී

ඔබේ දෑස දිළී නිවී දිළී

නිසොල්මනේ බලා හිඳී

 

ඇසේ කඳුළු සිඳී ගොසින් ගල් වූ හද තෙත් කරන්න

ඔබේ ඇසේ දයා දියෙන් කඳුළු පොදක් මට හෙලන්න

 

ඉර හඳ නැති රෑ යාමේ හද කැටිවුණු කාන්සියේ //

ඔබේ දෑස දිළී නිවී දිළී

ඔබේ දෑස දිළී නිවී දිළී

නිසොල්මනේ බලා හිඳී

 

ගායනය - පණ්ඩිත් අමරදේව

ගී පද - මහගම සේකර

Aparawu Sagaraye song lyrics, W. A. Amaradewa, Mahagama Sekara

0 Comments:

Post a Comment