Wednesday, 8 February 2023

ඈත කඳුකර හිමව් අරණෙ

 

ඈත කඳුකර හිමව් අරණෙ

සීත චන්දන ලපලු හෙවනේ

සුළං රැල්ලේ පාව එන්නේ

ඔහුගෙ නාමය වේ... //

 

සඳැල්ලේ මිණි තලාවේ

තාරකා පිපි වෙලාවේ

ලඳ ලියන්නේ සිහින අතරේ

මැවෙයි ඒ රූපේ

 

ඈත කඳුකර හිමව් අරණෙ...

 

රනින් කල වන් පුළුල් උරයෙන් //

හසුන් ළමැදේ මුස කරන්නේ

හදේ මෝරන ආදරේ

සඳේ සොමි ගුණ යා කෙරේ //

 

සරා ගී නිල් නුවන් බඳුනෙන්

නුරා ඉතිරෙන්නේ

 

ඈත කඳුකර හිමව් අරණෙ...

 

ගායනය - පණ්ඩිත් අමරදේව

Atha Kandukara song lyrics, W. A. Amaradewa

0 Comments:

Post a Comment