කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක් තැන් වෙලා
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුනු සිත්වල මතක ලොවේ
එක්වන්නට බැරි නම්
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ...
සිත සිහිනයකි නෙත එක රැයකි
යළි සසඳන්න බැරි//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරි නම්
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ...
ගායනය - රෝහණ බෝගොඩ
පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
Kandulak Watenam song lyrics, Premakeerthi de Alwis, Rohona Bogoda, Stanley Peiris






0 Comments:
Post a Comment