හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //
තුන් මහලින් සැදි සරසවිපායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුණු සතුටු රළ
මිරිඟු සයුර විණි අතීතයේ //
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //
පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිඳිනු ඇසේ //
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //
ගායනය - පණ්ඩිත්
අමරදේව
Hanthane Kandu Muduna song lyrics, W. A. Amaradewa






0 Comments:
Post a Comment