සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන්
සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා //
සිත ඔබ පාමුල රඳවා
අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ //
සදා රැඳේවා
ඔබේ ලොවේ
සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පාමුල රඳව
ඔබට පිදුම් වූ
සිතක විරාගය
කැටපත් පවුරක
ගීයක් සේ...//
සදා රැඳේවා
ඔබේ හදේ
සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා //
සිත ඔබ පාමුල රඳවා...
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
Sitha Oba Pamula song lyrics, Deepika Priyadarshani Peiris






0 Comments:
Post a Comment