බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරුවයි මියුරු රසේයා
මල් පර වූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි දෙලෝ ගබේයා... //
සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරිකුළකට ගියාදෝ //
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි උනාදෝ
බඹරෙකු ආවයි නිරිත දිගේයා
සළමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්
නළමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන් //
බල බිඳ දමා හිරු යන විට අවරගිරින්
සලමින් පිපුණු මල් පැණි බොනු රිසිව
වරෙන්
බඹරෙකු ආවයි නිරිත දිගේයා
ගායනය -
පණ්ඩිත් අමරදේව
ගී පද - මහගම
සේකර
Bambareku Awai song lyrics, W. A. Amaradewa, Mahagama Sekara






0 Comments:
Post a Comment