Wednesday, 8 February 2023

කඳුළු කතාවේ නිමක් දුටුව දා

 

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණ දා.. //

සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් වැකී
ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් වැකී
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනිවූවේ

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඬා
සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඬා
ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු
අළුත් ලොවක රන් කිරුළු දරා

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණ දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

 

ගායනය - පණ්ඩිත් අමරදේව

Kandulu Kathawe song lyrics, W. A. Amaradewa

0 Comments:

Post a Comment