මේ ජීවනයේ, මුළු සන්සාරේ //
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ //
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
මේ ජීවනයේ
දෑත දෑත බැඳ ඈ ලංවී, මට පෑව ආදරේ.. //
සනසා නොලාලන කාලේ, දිවි තෙක්ම සිහි කෙරේ,
ඒ නිල් දෑසේ, බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි
මේ ජීවනයේ, මුළු සන්සාරේ //
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ //
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
මේ ජීවනයේ
සුවඳ හාදු දුනි සතපාලා, යහනාවෙ මා හොවා.. //
පින්සාර ඇයගේ තුරුලේ, සැනසේ රජුන් පවා
ඒ දරුවෙකුගේ, පණ වැනි උත්තම
අම්මාගේ ආදරයයි
මේ ජීවනයේ, මුළු සන්සාරේ.. //
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ, පෙම් සිලිලාරේ.. //
උදාරයි, උදාරයි, උදාරයි ආදරේ
මේ ජීවනයේ
ගායනය - H. R. ජෝතිපාල
පදරචනය - කරුණාරත්න
අබේසේකර
සංගීතය - P. L. A. සෝමපාල
Me Jeewanaye song lyrics, H. R. Jothipala, Karunaratne Abeysekera, P. L. A Somapala






0 Comments:
Post a Comment