Wednesday, 8 February 2023

ගිමන් හරින දියඹ දිගේ


ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා


හිත් දැහැනේ වෙළී තිබුණු නෙත් දැහැලේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුන මල් බර මුදු සුව රැඳවුනු තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ


ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා

රටා මවනවා


හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්ම්... ///

 

ගායනය - පණ්ඩිත් අමරදේව

Giman Harina Diyamba song lyrics, W. A. Amaradewa

0 Comments:

Post a Comment