Wednesday, 8 February 2023

කාලය ඔබ මට කල දේ කදිමයි

 

කාලය ඔබ මට කල දේ කදිමයි

තාලයකට ගල ගලා ගිහින්

ආලය පිළිබඳ සිත රිදවාගෙන

ඈ මා හැර වෙන අතක ගිහින්

 

මේ ඉර වාගෙම මේ හඳ වාගේම

කොපමණ ඉර හඳ බැස ගියාදෝ

ඈ හද බැන්ඳු ආල හැඟුම්

ඒ ඉර හඳ යට සැඟවුනිදෝ

 

පැමිණෙන පිරිපත කාලය විසඳයි

කී පෙර පඬිවරු කවුරුන්දෝ

කාලය ඔබ හට ඉඩදී මා ලද

සාපය ගෙවනුයෙ කෙලෙසකදෝ

 

කාලය ඔබ මට කල දේ කදිමයි

 

ගායනය - පණ්ඩිත් අමරදේව

Kaalaya Oba Kala De song lyrics, W. A. Amaradewa 

0 Comments:

Post a Comment