Wednesday, 8 February 2023

හිම කඳු අතරින් පාවී එන්නේ

 

හිම කඳු අතරින් පාවී එන්නේ

නීල වලාවේ පැහැය දරා

දඟකාර ඔබේ ඔය නෙත්මිණි දල්වා

බලන්න මා දෙස මදහස පාලා

 

මිහිබට සුර කුමරියක් ලෙසින්නේ

ලැසි ගමනින් පා සළඹ සලන්නේ

මුව සඟවා ලූ සළුව මුදා හැර

බලන්න මා දෙස මදහස පාලා

 

එරන්දිය සුකුමල ලඳුන්නේ

දිගු වරළස සුදු මල් ගවසන්නේ

දෑත නගා නිල් වරළ උනා යළි

බලන්න මා දෙස මදහස පාලා

 

ගායනය - පණ්ඩිත් අමරදේව

ගී පද - සරත් අමුණුගම

Hima Kandu Atharin song lyrics, W. A. Amaradewa, Sarath Amunugama 

0 Comments:

Post a Comment