Wednesday, 8 February 2023

එක කුඩයක් යට ගෑවි නොගෑවී


එක කුඩයක් යට ගෑවි නොගෑවී

දවසක් හැන්දෑවේ

මතකද ඔබ මා පියවර මැන්නා

පිණි මල් වරුසාවේ... //

 

කිසිවකු සමගින් එකට තුරුළු වී

ඉර බැස යන වේලේ

ඔබ යනු දුටුවිට මතකය රිදවයි

අපෙ ඉස්සර කාලේ //

 

එක කුඩයක් යට ගෑවි නොගෑවී

දවසක් හැන්දෑවේ

මතකද ඔබ මා පියවර මැන්නා

පිණි මල් වරුසාවේ

 

මද අව් රස්නෙට වුව සෙවණක් නැත

ඔබ හට අද දවසේ

වැස්සට අව්වට තනිව මුහුණ දෙමි

මගේ මහිම එලෙසේ //

 

එක කුඩයක් යට ගෑවි නොගෑවී

දවසක් හැන්දෑවේ

මතකද ඔබ මා පියවර මැන්නා

පිණි මල් වරුසාවේ...

 

ගායනය - වික්ටර් රත්නායක

Eka Kudayak Yata song lyrics, Victor Rathnayake

0 Comments:

Post a Comment