Wednesday, 8 February 2023

හීන් සැරේ ඔබ ආවා ආවා

 

හීන් සැරේ ඔබ ආවා ආවා

රෑ සයනෙන් පිබිදී ඔබ ආවා ආවා

යාන්තමින් මා සිත ඇඳි පිළිරුව ඔබ ආවා

වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ ආවා ආවා

 

තරුවෙන් තරුවට පැන පැන හෙමිහිට

මලකින් මලකට පියඹා කදිමට

මා දඟකාරිය නාරිලතාවිය

කාන්සියේ හොඳ අඳුර මකා හැර.. //

හීන් සැරේ ඔබ ආවා ආවා

 

මත් කොවුලන් ගීත නදින

සත් පියුමන් රේණු මතින.. //

අත්වැල් බැඳ නටමු නටමු

සිත් සැණකෙළියේ..

සිත් සැණකෙළියේ

 

නීළඹ නිල් වියන යටින්

පින්න පිපුණු පලස මතින්

සුරංගනා රැඟුම් රඟමු

සඳ තරුවලියේ..

සඳ තරුවලියේ

 

ගායනය - පණ්ඩිත් අමරදේව, සුනේත්‍රා සරත්චන්ද්‍ර

ගී පද - අජන්තා රණසිංහ

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

වසන්තයේ දවසක් (1979)

Heen Sare Oba Awa song lyrics, W. A. Amaradewa, Sunethra Sarathchandra, Premasiri Kemadasa, Ajantha Ranasinghe

0 Comments:

Post a Comment