Wednesday, 8 February 2023

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා


දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා

පේවී රකිති සොඳ සීලේ නිබන්දා.. //

 

ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ //

 

රහතුන් නිවසනා පාය ප්රකාශේ //

 

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ.. //


සෘදියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ //

 

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ //

 

මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී.. //

 

සේරූ පන්තී පන්තී පීනති බෝසේ //

අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ //

ගායනය - පණ්ඩිත් අමරදේව
පද රචනය - නීතිඥ ජෝන් ද සිල්වා
තනුව - විශ්වනාත් ලව්ජි
සිරි සඟබෝ (1903) නූර්තියෙන්

Danno Budunge song lyrics, W. A. Amaradewa, John de Silva, Vishwanath Lauji, Sirisangabo stage drama

0 Comments:

Post a Comment