ආරාධනා... ආරාධනා
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
- හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා... ආරාධනා
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු
තලාවේ
මැකී ගියාදෝ.. කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාත
වූදා
සෙනේහයේ සත් පියුමන් යළිඳු
පිපේවා
ආරාධනා... ආරාධනා
එදා සිඟිති කිරි සුවඳින්
යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ.. යළිඳු උපන්නෙමි
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන
යනදා
ඔබේ නුවන් පහනින් යලි එළිය
ලැබේවා
ආරාධනා... ආරාධනා
ගායනය - පණ්ඩිත් අමරදේව
ගී පද - කුලරත්න
ආරියවංශ
සංගීතය - රෝහණ
වීරසිංහ
Aaradhana (Jeewithaye Thani Mansala) song lyrics, W. A. Amaradewa, Kularathna Ariyawansa, Rohana Weerasinghe






0 Comments:
Post a Comment