කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
තුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ඳ ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නරකෙසක් නැගිලා
කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
ගායනය - පණ්ඩිත්
අමරදේව
Kolomthota Natha Mahalu song lyrics, W. A. Amaradewa





